ව්‍යාජ ලිපියක් පිළිබඳ පොලීසියෙන් විශේෂ නිවේදනයක්



සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ අදාළ ලිපිය සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර සිටියේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත් කර කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

(colombotimes.lk)