මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක සඳහන් කළේ ලොව පුරා පුද්ගලයන් ලක්ෂයකගෙන් පුද්ගලයන් 3,340දෙනෙක්ට ඇදුම රෝගය බවයි.
ලොව පුරා නව යෞවන වියේ පසු වන තරුණ පිරිස් අතර ඇදුම රෝගය බහුලව පවතින බවයි වාර්තා වන්නේ.
ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු කියා සිටියේ 'ඉන්හේලර් ' ප්‍රතිකාරය මඟින් අතුරු ආබාධවලින් තොරව ඇදුම රෝගය ඉතා හොඳින් සුවපත් කර ගැනීමේ හැකියාව පවතින බවයි.
ඇදුම රෝගය පැවතියද එය හඳුනා නොගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)