18 September 2025

logo

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්



ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති බවත් රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළගා කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ අතර අස්වැසුම හරහා මිලියන 2.4ක ජනතාවක් නඟාසිටුවීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් 50,000කට නිවාස ලබා දීම, විශ්‍රාම වැටුප් වැඩි කිරීම හා අවදානමට ලක් වූවන් ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)