colombotimes.lk
සිංහල | English

19 May 2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්



2024 පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගවටයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.
 
ඒ ස්කොට්ලන්තය සමඟ පැවති අවසන් මහා තරගය ලකුණු 68කින් ජය ගනිමින්.

අබුඩාබිහි දී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

නායක චමරි අතපත්තු ලකුණු 102ක් රැස් කළේ පන්දු 63ක් පමණක් වැය කරමින්.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 101ක් පමණයි.

ඒ අනුව පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

(colombotimes.lk)