07 April 2025


සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් කොළඹට කැඳවයි



රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)