සිරි දළදා වන්දනාව ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් පැමිණෙන වාහන හදුනාගැනීම සදහා ස්ටිකරයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර ගනිමින් වාහන වෙත දැනටමත් එම ස්ටිකරය නිකුත් කරන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි.
අදාළ වාහන වෙත දළදා වන්දනාව සඳහා පැමිණෙන වාහන පහසුවෙන් හදුනාගෙන රථගාල්වලට යොමු කිරීම සහ බැතිමතුන්ට අවහිරයකින් තොරව වන්දනා කටයුතු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැළසීමත් මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)