මෙතෙක් දකුණු මුහුදු තීරයේ හමු නොවූ 'ස්ටෝන් ෆිෂ්' නම් රත් මහා විෂකුරු මාළුවා, ගාල්ල කොටුව ලයිට් හවුස් මුහුදු තීරයෙන් හමුව තිබෙනවා.
මෙම මාළු වර්ගය මේ කාලයේදී ගොඩබිම් ප්‍රදේශ වලට තමන්ගේ සහකරුවකු හෝ සහකාරියක් සොයා පැමිණෙන බවයි පැවසෙන්නේ.
මේ ස්ථානයට දිනපතා දිය නෑමට බොහෝ පිරිසක් පැමිණෙන අතර සිද්ධිය පිළිබඳව වනජීවී මෙන්ම ජලජීවී ආයතන වලද දැඩි අවධානය යොමු විය යුතු බවයි මෙම මාළුවාගේ පහර කෑමට ලක් වූ ප්‍රවීණ විද්‍යා දේශක රොහාන් බණ්ඩාර මහතා සඳහන් කළේ.
මේ මාළුවාගෙන් පහර කෑමට ලක් වීමෙන් ගෙවී ගිය සති අන්තයේ කරාපිටිය රෝහලෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුණා.
මෙම මාළුවාගේ පහර කෑමට ලක් වූ විට එම ස්ථානයේ අධික වේදනාවක් දැණෙන බවත් තත්පර 30 තුළ වැනි කෙටි කාලයක දී ක්ලාන්ත ගතියක් පැමිණි බවයි තම අත්දැකීම විස්තර කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)