07 June 2025


කොළඹ නගර සභාවේ බලයට දැඩි තරගයක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට මේ වන විට දැඩි තරගකාරීත්වයක් පවතිනවා. 
 
ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ සභික ධූර 48ක් හිමි වූ අතර සමගි ජන බලවේගය සහ සෙසු පක්ෂ අතර බෙදී ගිය සභික ධූර සංඛ්‍යාව 64ක්. 
 
එවන් පසුබිමක බලය පිහිටුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක්වූ කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය මේ මස 16වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 
 
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභික ධූරයක් හිමි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජන බලවේගයට සහය ලබාදීමට පසුගියදා තීරණය කළ අතර ඔහු ඊයේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඉදිරියේදී දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
කොළඹ මහ නගර සභාවට ක්‍රිකට් පිත්ත ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රී සුරංජිත් ලක්සිරි කියා සිටියේ තම කණ්ඩායමට උප නගරාධිපති තනතුර ලබා දිය යුතු බවයි.


(colombotimes.lk)