07 April 2025


ප්‍රදේශ කිහිපයක හිරු මුදුන් වෙයි



බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල සහ පුත්තලම, මන්නාරම, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්කවල අද (06) උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්ය් කරමින් සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

මෙම වසරේ අප්‍රේල් 05වනදා සිට 14වනදා දක්වා කාලය තුළ සූර්යයා උතුරු දෙසට ගමන් කරන බැවින් එය ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව අද (06) දහවල් 12.12 ට පමණ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වන ආසන්නතම ප්‍රදේශ කළුතර, කෙළින්කන්ද, කහවත්ත, පොකුණුතැන්න සහ මහවෙලතොට බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)