18 September 2025

logo

කැළණි ගඟ හරහා තාවකාලික ලවණ බාධකයක්



වියළි කාලගුණයත් සමග කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළා.

ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැළණි ගඟ හරහා තාවකාලික ලවණ බාධකයේ ඉදිකිරීම් ආරම්භ කළ බව ඇය කියා සිටියා.
(colombotimes.lk)