colombotimes.lk
සිංහල | English

05 May 2024

ආර්ථික කමිටුවට අලුත් මන්ත්‍රීවරුන් 10ක්



ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දසදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත් කර තිබෙනවා.

ඒ, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී  රත්නායක, එස්.එම්  චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් යන අයයි.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මේ බව අද (22) පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කර සිටියා.
(colombotimes.lk)