05 May 2025


පුංචි ඡන්දයේ පළමු ප්‍රතිඵලය ලැබෙන වෙලාව ගැන ඉඟියක්



පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ.එල්. රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදු කරන බවයි.

මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොට්ඨාශයක් ඇතුළත එම් ඡන්ද මධ්‍යස්ථානයක් පමණක් තිබේනම් අනිවාර්යයෙන්ම එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම සිදු කරනු ලබනවා.

එමෙන්ම එක් කොට්ඨාසයක් ඇතුළත ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තිබේනම් ඇතැම් ස්ථානවල ඡන්ද පොළේදීම ඡන්ද ගණන් කිරීම සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)