10 May 2025


උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට



උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, විස්සයි විස්ස පුහුණු තරග 07කට එක්වීම සඳහායි.

පුහුණු තරග සියල්ල එළඹෙන 12 වනදා සිට 23 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම්කර කර තිබෙනවා.
(colombotimes.lk)