05 May 2025


ආරුක්කු නමය පාලම ගැන අවාසනාවන්ත පුවතක්



උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බවට වාර්තා වී තිබෙනවා.

අධික වර්ෂාව පවතින දිනවලදී එම කාන්දුව දැක ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ.

එහි ස්වේච්ඡා ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන සඳහන් කළේ අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බවයි.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේදී මෙම ආරුක්කු 9 පාලම ඉදිකර තිබෙනවා.
 
(colombotimes.lk)