මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බව වාර්තා වනවා.
ඒ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දින කීහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟයි.
අද (15) දා උදෑසන 06 න් අවසන් වූ පැය 24 ඇතුළත මාවුස්සාකැලේ ජලාශ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ වලට මිලී මීටර් 27 ක වර්ෂාවක් ලැබී ඇති බව ද විදුලි බල මණ්ඩලය පවසනවා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 15 ක් පමණ ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය යන ජල විදුලිබලාගාර 04 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කරනු ලබනවා.
(colombotimes.lk)