colombotimes.lk
සිංහල | English

05 May 2024

තායිලන්තයේ පුද්ගලයින් 30කට දිවි අහිමි කළ කාලගුණය



අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ තායිලන්තයේ පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම දකුණු සහ අග්නිදිග ආසියාව පුරා සිටින මිලියන ගණනක පිරිසක් මේ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තායිලන්තයේ බැංකොක් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක දක්වා ඉහළ යා හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

පවතින කාලගුණ තත්වය සැළකිල්ලට ගනිමින් කලාපය තුළ පාසල් වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)