colombotimes.lk
සිංහල | English

05 May 2024

ලෝක මැලේරියා දිනය අදයි



ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වර්ෂයේදී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතිකය ලබා දී තිබෙනවා.

මේ අතර මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පැවසුවේ 2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කළා.
(colombotimes.lk)