03 June 2025


නාඋල ඔරලෝසු කණුවට යළි පණ දෙයි



වසර 17ක් පුරා අක්‍රීයව පැවති නාඋල ඔරලෝසු කණුව අළුත්වැඩියාකර යළි විවෘත කර තිබෙනවා.

එම ඔරලෝසු කණුවට CCTV කැමරා පද්ධතියක්ද යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායකගේ යෝජනාවකට අනුව මෙම කටයුත්ත සිදුකර තිබෙනවා.

 
(colombotimes.lk)