colombotimes.lk
සිංහල | English

29 September 2024


SL Vs NZ - 2nd Test | සිංහයන්ට ඉනිමක සහ ලකුණු 154ක ජයක්



සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට්  ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකණු 154කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 514කින් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 360ක් පමණයි.  

එහිදී ලකුණු 170කට කඩුලු 6ක් ලබා ගන්නට නිශාන් පීරිස් සමත් වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 88ක් පමණයි.  

එහිදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් බිඳ දැමුවා.

ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය තරග 2- 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

(colombotimes.lk)