ඇමරිකානු ගුවන් හමුදාවට අයත් බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 08දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
මෙම අනතුර ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළ සිදු වී තිබෙනවා.
මේ හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
