16 June 2026

logo

ඩෙංගු ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්



ඩෙංගු රෝගය මේ වන විට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසනවා.
 
ඔහු කියා සිටියේ මෙතෙක් පැවති ඩෙංගු අධි අවදානම් කලාප 74 මේ වන විට 84ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි. 

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන බවට මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
 
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටියේ පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

(colombotimes.lk)