16 June 2026

logo

ආසන පටි නීතිය ගැන දැනුම්දීමක්



එළඹෙන 20වනදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. 

එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවයි. 

එමෙන්ම රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. 

එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබූ අතර එම කාලය ලබන 19වනදායින් අවසන් වන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ජුනි මස 20වනදා සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)