14 June 2025


ශ්‍රීලංකන් ගුවන් මාර්ගවල වෙනසක්



මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී තිබෙන යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. 

ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බවයි. 

මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හී කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බවද ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළා. 

1979, +94 11 777 1979 සහ +94 74 444 1979 (WhatsApp) යන දුරකථන ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගැනීමට හැකියි. 

(colombotimes.lk)