06 June 2025


කොටස් වෙළෙඳපොළේ වාර්තාව අදත් අලුත් වෙයි



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) ඒකක 81.89කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,434.94ක් ලෙසයි. 

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය බවයි වාර්තා වන්නේ. 

මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ (04) වාර්තා වුණා. 

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන් 5.5ක් ලෙස සටහන් වී තිබෙනවා. 
 
(colombotimes.lk)