18 May 2025


ඉරණවිල වෙරළ තීරය ගැන අවාසනාවන්ත පුවතක්



හලාවත ඉරණවිල වෙරළ තීරයේ මීටර 700ක පමණ කොටසක් වෙරළ ඛාදනයට ලක්වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කළ විශේෂ පරීක්ෂාවකදීයී.

එම කණ්ඩායම මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂාවක් කරන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කළේ දේශගුණික විපර්යාස වෙරළ ඛාදනය කෙරෙහි බලපා තිබෙන බවයි.

වැලි කොට්ට අතුරා වෙරළ ඛාදනය පාලනය කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)