මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පසුගිය 10වනදා සිට 16වනදා දක්වා නුවරඑළිය නගරයේදී පැවැත්වුණා.
රාජ්‍ය වෙසක් උත්සවය නැරඹීමට පැමිණි ඇතැම් පිරිස් විසින් ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුලු අපද්‍රව්‍ය නුවරඑළිය පරිසරයට මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ විශාල පරිසර හානියක් සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය වෙසක් උත්සවය නැරඹීමට පැමිණි පිරිසට ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුලු අපද්‍රව්‍ය බැහැර කිරීමට නුවරඑළිය මහ නගර සභාව මඟින් සහ රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධායකයන් විසින් කසල බදුන් රැසක් තබා තිබුණා.
(colombotimes.lk)