08 June 2026

logo

ජපානයට නායයාම් සහ ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම්



නිරිත දිග ජපානයට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නායයාම් සහ ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියාසාකි සහ කගෝෂිමා ප්‍රාන්තවලට තවදුරටත් තද වැසි ඇති විය හැකි බැවින් ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස අනතුරු අඟවා ඇති බවයි.

එමෙන්ම ජපානයේ ෂිකෝකු ප්‍රාන්තයට පසුගිය පැය 24 ක කාලය තුළ මිලිමීටර් 300ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම ප්‍රදේශවල ඇතැම් මාර්ග ද ජලයෙන් යටවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)