16 November 2024


119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය අවභාවිතා කරන අයට අනතුරු ඇඟවීමක්



119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

එලෙස අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවයි අදාළ නිවේදනය හරහා වැඩිදුරටත් පවසන්නේ. 
 
පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3,000 ත් 3,500ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවද එහි සඳහන්. 
 
මෙම පණිවිඩ නිරීක්ෂණය කිරීමේදී එම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් නිරීක්ෂණය වී ඇති බවද පොලීසිය පවසනවා. 
 
මේ හේතුවෙන් වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේදී බාධා හා ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)