28 May 2026

logo

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට



ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීම් හමුවේ මෙලෙස ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බවයි. 

එමෙන්ම බොරතෙල් මිල ද යළි 3%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.75%කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් ලෙස සටහන් වී තිබෙන බවයි. 

(colombotimes.lk)