හැටන් ෆෝඩයිස් වතුයායේ පෙර පාසලක් මතට ෆයිනස් ගසක් කඩා වැටී තිබෙනවා.
ඊයේ (27) රාත්‍රියේ එම වතුයායට බලපෑ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
පෙර පාසලේ වහලයට ද දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
එමෙන්ම වහලයට මෙන්ම පෙර පාසල් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ රැසකට ද දැඩි හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
