28 May 2026

logo

ආසියානු U20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක්



ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත් වී තිබෙනවා. 

ඇය එම ඉසව්ව මිනිත්තු 04යි තත්පර 31යි දශම 4කින් නිම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාවක් විසින් හිමිකරගෙන ඇති අතර ලෝකඩ පදක්කම කොරියානු ක්‍රීඩිකාවක් විසින් හිමි කරගෙන තිබෙනවා. 

මේ අතර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 3000 ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක විදූෂාන් රාජේන්ද්‍රන්ට එම ඉසව්වේ 6 වන ස්ථානය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)