28 May 2026

logo

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්



දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇගවීම සිදු කරන බවයි.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. 



(colombotimes.lk)