27 May 2026

logo

විජේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි



තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි. 

එහිදී ප්‍රාන්තයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී සුබසාධන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීම, ප්‍රධාන සංවර්ධන මුලපිරීම් සඳහා අවසර ලබාදීම සහ මතභේදාත්මක Mekedatu ජලාශයේ ජල ආරවුල මැදිහත් වීම ඇතුළු තමිල්නාඩුවේ දිගුකාලීන ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් ඉදිරිපත් කර තිබෙන බවයි. 

(colombotimes.lk)