17 July 2025

logo

කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම්



මෙරට කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයක් යටතේයී. 
 
ඒ අනුව දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම කුසලතා සහ නිර්මාණශීලීත්වය දායක වූ කලාකරුවන් 120 දෙනෙකුට වැඩසටහනේ පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමුණා. 
 
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ 10) අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණා. 
 
කලාකරුවන්ට සාමවිනිසුරු පදවි පිරිනැමීමේ අරමුණ සහ එහි ඉතිහාසය මෙන්ම සාමවිනිසුරුවරයෙකුගේ කාර්ය භාරය පිළිබඳවද එහිදී දැනුම්වත් කළා.
(colombotimes.lk)