22 May 2026

logo

ලෙබනනයේ පුද්ගලයන් 14දෙනෙක් ජීවිතක්ෂයට



සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙක් මියගොස් තවත් 37දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක් ද සිටින බවයි. 

පවතින සටන් විරාමය නොතකා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ නගර 07ක වැසියන්ට වහාම ඉවත් වන ලෙසට ද අනතුරු අඟවා තිබෙනවා.
 
කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළෙක් ද මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩිව ක්‍රියා කරන බවයි. 

(colombotimes.lk)