මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් තුළ මුද්‍රණය කළ එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අංක තහඩු ලබන ජුනි 30වනදාට පෙර කඩිනමින් ලබාගන්නා ලෙසයි.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම, දිවයින පුරා පිහිටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවල ද මෙම අංක තහඩු පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
