හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් 05න් 01ක් පමණ ප්‍රවාහනය කෙරෙන ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.
මේ අතර ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
