තවමත් අවදානම් මට්ටමේ පවතින ඩෙංගු උවදුර මර්ධනය කිරීම සඳහා අද (15) සිට විශේෂ සතියක් නම් කොට තිබෙනවා.
එය ලබන 20වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව නගර, කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන සහ පාසල්, අධ්‍යාපනික ස්ථාන මෙන්ම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු කර්මාන්තශාලා යන ස්ථාන හා ඒ අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
