11 May 2025


ඉන්දීය ධීවරයින් 199කට පකිස්ථානයෙන් නිදහස



මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්ථානය අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 199 දෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. 

මෙම පිරිස ලාහෝර් දේශසීමාවේ දී ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා. 
 
එම පිරිස ලැන්දි බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුන් සමඟ නිදහස් කිරිමට සැළසුම් කර තිබූ ඉන්දීය සිවිල් වැසියෙකු රෝගාතුර වීමෙන් පසුගියදා මියගොස් තිබූ බව වාර්තා වනවා. 
 
පාකිස්ථාන ඉන්දියා මුහුදු සීමා සලකුණු කිරීමේදී පැවති දුර්වලතා හේතුවෙන් දෙරටේ ධීවරයන් නිරන්තරයෙන් අත්අඩංගුවට පත්වන බව සඳහන්.
(colombotimes.lk)