ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිසල්මර් දිස්ත්‍රික්කයේදී පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයන් 20දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
මගීන් 57දෙනෙක් රැගත් අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ පිටුපසින් දුමක් පිටවී තිබෙනවා.
එමනිසා බස්රථය නවතා තැබීමට පියවර ගත් අවස්ථාවේදී මෙම ගින්න හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අනතුරෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙක්ගේ තත්ත්වය බරපතල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)