14 October 2025

logo

මැලේසියාවේ පාසල් රැසක් වැසෙයි



මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින Influenza රෝගය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Influenza රෝගය ආසාදිත පාසල් ළමුන් 6,000ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බවයි. 

රෝගය පාලනය සඳහා මාර්ගෝපදේශ ද හඳුන්වා දී ඇති අතර පසුගිය සතියේදී Influenza ආසාදිත කණ්ඩායම් 97ක් ද වාර්තා වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ මැලේසියාවේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් පාසල් සහ පෙර පාසල් දරුවන් බවයි. 

(colombotimes.lk)