16 October 2025

logo

පවුල් 100කට වැඩි පිරිසක් පීඩාවට



මේ දිනවල දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පවුල් 100කට වැඩි පිරිසක් පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 368දෙනෙක් හදිසි ගංවතුර සහ තද සුළං හේතුවෙන් පීඩාවට පත්වී සිටින බවයි.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් නිවාස 17කට පමණ අර්ධ හානි සිදුවී ඇති අතර බේරුවල, දෙහිවල, බලපිටිය, වීරකැටිය, තිස්සමහාරාමය සහ වලස්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 100කට අධික ප්‍රමාණයක් මෙසේ අවතැන් වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)