මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිඳු බාධාවකින් තොරව සිදු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ලියාපදිංචි කිරීම් සහ මෝටර් රථ පැවරීමේ කාර්යයන් මේ වන විට කිසිඳු බාධාවකින් තොරව සිදු වන බවයි.
එමෙන්ම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ඇණහිට ඇති බවට ව්‍යාජ තොරතුරු මවාපාමින් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් අනවශ්‍ය ලෙස තැරැව්කරුවන් විසින් පීඩාවට ලක් කරන බවට වාර්තා වන බවද එහි වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)