පැය 24ක් තුළ මාරක රිය අනතුරුවලින් 03කට දිවි අහිමි වෙයි



දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරලීමෙන් 57 හැවිරිදි ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි.

හෙට්ටිපොල මදුල්ල මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි රැහැන් කණුව ගැටීමෙන් සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයෙක්  මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 46 හැවිදිරි හෙට්ටිපොල සුනන්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.  

මේ අතර මීගමුව උස්වැටකෙයියාව මාර්ගයේ දී ඇලෙන්එගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පොලීසිය පැවසුවේ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


(colombotimes.lk)