colombotimes.lk
සිංහල | English

16 September 2024


උතුරු කොරියාවේ රාජ්‍ය සේවකයන් 30කට වෙඩි තබයි



උතුරු කොරියාවේ පසුගිය දිනවලදී පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී නායයාම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

නායයෑමත්  සමඟ පස් තට්ටු කඩා වැටීමෙන් පුද්ගලයන් සමඟ ගම්මාන රැසක් විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා 4000කට වඩා අධික පුද්ගලයන්ට ජිවිත අහිමි වී තිබෙනවා.

ජල ගැලීම් සහ නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීම් නොකළ, අවධානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලාධාරීන් පිරිසක් මෙලෙස ඝාතනය කිරීමට නායක කිම් ජෝන් උන් අණ දී ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය කිරීමට නියම වූ බොහෝ දෙනා අපදා කලමානකරණ නිලධාරින් බවත් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය පැහැර හැරී ඇති බවත් තහවුරු වීමෙන් පසුව ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අණ දුන් බව විදෙස් මාධ්‍ය පවසනවා.


(colombotimes.lk)