22 November 2024


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන ගැන තීරණයක් ගනියි



සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබාදෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ධූර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි.

අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු ‍නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවයි.


(colombotimes.lk)