ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන බොර්ඩන් ගාවස්කාර් කුසලානයේ පළමු ටෙස්ට් තරගය අද (22) ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන්ට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 150ක් පමණයි.
එහිදී Nitish Kumar Reddy ලකුණු 41ක්, Rishabh Pant ලකුණු 37ක් සහ KL Rahul ලකුණු 26ක් රැස් කළා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Josh Hazlewood ලකුණු 29කට කඩුලු 4ක් ලබා ගත්තා.
ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමු දිනය සඳහා අද තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 67ක් රැස් කරගෙන සිටියා.
තරගයේ පළමු දිනය වූ අද දිනයේ කණ්ඩායම් දෙකේම කඩුලු 17ක් බිඳ වැටීම විශේෂත්වයක්.
(colombotimes.lk)