දසවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිරීම කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බවයි.
එමනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
(colombotimes.lk)