colombotimes.lk
සිංහල | English

08 September 2024


මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 34ක් මිය යයි



දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අඟහරුවාදා රාත්‍රියේ මෙම මත්පැන් පානය කර පුද්ගලයන් කිහිප දෙනෙකු රෝගාතුර වූ පුවතක් කල්ලකුරුචි දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ අධික පාචනය වැනි රෝගාබාධ සඳහා රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ .

එමෙන්ම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)