22 December 2024


ගාසා තීරයේ පුද්ගලයන් 34 දෙනෙක්ට දිවි අහිමි වෙයි



ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 34 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය  වාර්තා කළේ තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මියගිය පිරිස අතර කාන්තාවන් 04 දෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වන ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මන් අල් තානි සටන් විරාම සාකච්ඡා සඳහා පසුගියදා ඊශ්‍රායලය වෙත ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)